Search This Blog

Monday, 1 July 2019

ඌරාගල සහ කටුසුකොන්ද - Uragala & Katusukonda






හන්තාන කදු පන්තිය කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්, හන්තාන යාබදව පිහිටල තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නිර්මාණය වෙච්ච බොහොමයක් සාහිත්‍ය නිර්මාණ වලට හන්තාන කඳුවල සුන්දරත්වය පාදක වෙලා තියනවා.

සම්පුර්ණ හන්තාන කදු වැටිය තරණය කරන්න දවසක්වත් යනවා.. ගොඩක් අය හන්තාන කියලා යන්නේ Towers ටික ගාවට විතරයි.. ඊට වඩා ඉහල සහ ලස්සන කදු මුදුන් කිහිපයක්ම හන්තානේ දැක ගන්න පුලුවන්. අපි කලින් Towers ළගට ඇවිත් තියන නිසා මේ පාර යන්න තීරණය කලේ කවුරුත් වැඩිය නොයන හාන්තානේ ඉහලම කදු මුදුන වන ඌරාගල සහ කටුසුකොන්ද තරණය කරමින් සම්පුර්ණ හන්තාන කදු පන්තිය තරණය කල අවසන් කිරිමටයි..

ඉතින් නාගරික පරිසරයකට බොහොම ආසන්නව පිහිටලා තිබුනත් හන්තාන කඳු පන්තිය  කියන්නේ අවම කඳු 7 කින් සමන්විත වෙනස්ම අත්දැකීමක් විඳගන්න පුලුවන් තැනක්

මේ කදු වලින් උසම කන්ද විදිහට ඌරා කෙටු කන්ද ( ඌරාගල කන්ද ) අඩි 3800 සහ අවසාන වගේම අමාරැම කන්ද කටුසු කන්ද විදිහටත් හදුනාගන්න පුළුවන්.

මේ ගමනට මාත් එක්ක සෙට්වුනේ Sachintha මල්ලි.. හන්තාන තරණය කිරිමට මාර්ග කිහිපයක් තිබුණත් අපි ඌරාගල සහ කටුසුකොන්ද ප්‍රදේශ තරණය මුලීක අරමුණ වු නිසා ඒ සදහා පහසුවන මාර්ගය වන,

මහනුවර ➡️ පේරාදෙණිය ➡️ සරසවිගම

මාර්ගය තෝරාගත්තා. උදේ 8 විතර වෙද්දි මහනුවර ගූඩ්ෂේඩ් එකට සෙට්වුනා.. අපි සරසවිගමට යද්දි 10 විතර උනා..  එතන බස් නවත්තපු තැනින් දකුනට තමා ඌරාගලට යන්න පාර තියෙන්නෙ. එහේ තියන කඩේකින් දවල්ට කන්න පාන් අරවා මේවා අරන් කලින් කන්ද තරණය කරපු අය කියපු Tea Factory, දේවාලේ, ඉස්කොලේ හොයන් පයින් යන්න පටන් ගත්තා. 2km විතර යද්දි පාර අතරමග ⁣Tea Factoryයක් හම්බුනත් එතනින් කන්දට යන්න තිබ්බ පාර හරියට ⁣හොයාගන්න බැරුව අපි ඉස්සහරට ගියේ කොවිල හොයාගෙන.. එතන හිටපු ගමේ කෙනෙක් Tea Factory ළගින් උඩට යන පාරක් පෙන්නුවා එ්ක ඇත්තටම බැලු බැල්මට හොයාගන්න බැරි කෑලේ පාරක් එකෙත් 1.5km විතර ගියාම පොඩි ලයිමක් හම්බුනා තේ වත්තක් මැද්දෙන් පයිනස් කැලේකට ආවා. 






අපිට දැන් අපේ Target එක වෙන හාන්තාන කදු පන්තිය පෙනෙමින් තිබුනා.  එතනින් කන්ද මුදුනට යන්න කලින්  ඝන කැලෑවක් හම්බවෙනවා. ඒ කන්දට යන්න හරි පාරක් මුලින්ම තිබුන් නැති නිසා අපි ටිකක් Upset ගියා.. ඕන දෙයක් වෙන්න කැලැව මැද්දෙන් අපි කන්ද දිහා බලන් නගින්න ගත්තේ පාරවල් හදාගෙන.. අතරමග හම්බුන බෝඩ් වල ගහලා තිබුණා "දිවියන්ගෙන් ප්‍රවේශම්වෙන්න" කියලත් ඒවා දැක්කහම නම් බයත් හිතුනා.. ඒ බයෙන් ඉස්සහරට යද්දි සර්පයෝ දෙතුන් දෙනෙක්ගෙනුත් බේරුණේ 99න්.. Knuckles වල නම් ලොකුම වදයක් උනේ කුඩැල්ලො Hanthane නම් සර්පයෝ, රිලව්.. ඔහොම කෑලැව පහු කරන් හාන්තාන කදු පන්තියේ එක් මුදුනකට අපි ලයිමේ ඉදන් 1km විතර ආවා.. හම්මේ දැනෙන සනීපේ මුලු නුවර අවට ප්‍රදේශ ලස්සනට පේනවා.. උඩට එන්න ගියේ පැයක් විතර..





දැන් ඉතින් අපේ Main Target එක වෙන ඌරාගලට යන්න පටන් ගත්⁣තා කොහොම උනත් අපි ඉන්න තැන ඉදන් දකුණු පැත්තට (ගලහ දෙසට) ඌරාගලට 5km විතර තිබ්බා. අනිත් පැත්තේ(වමේ) හන්තානේ Towers ටික දකින්න පුලුවන්..  දැන් අපි හන්තාන කදු වැටිය දිගේ ඌරාගලට යන්න පිටත්වුනා.. පෙලක් ස්ථාන වල මාර්ගය සලකුනු කරලා තිබ්බත් පලපුරුදු නැති කෙනෙක්ට නම් කෑලැ ප්‍රදේශ වලින් පාර සොයාගැනිම තරමක් අපහසුවෙනවා.. මේ ටික යන අතරතුර ස්ථානයක අපි දවල්ට ගෙනපු දේවල් කෑවා. ඊට පස්සේත් හම්බෙන ඝන කැලැවල් තැනිතලා පසුකරමින් ඉදියට ඇදුනා..





එදා හවස අනුරාධපුර යන්න 6,7kg පොත්, ඇදුම් එක්ක ගෙනත් තිබ්බ බෑග් එක නිසා පෙලක් තැන් තරණය කරන්න මට අමාරුවුනා..😂😂  කොහොමහරි ඉතින් අපි පැය එක හමාරකට විතර පස්සේ ඌරාගලට අාවා.. එතන පොඩි ගුහාවකුත් (cave එකක්) තිබුන. මාරම ලස්සන තැනක්.. එතන තවත් යාලුවෝ කිහිපය දෙනෙක් හම්බුනා එයලා ඇවිත් තිබුනේ නම් ගලහා පැත්තෙන් කටුසුකොන්ද පහුකරගෙන..










අපි ඌරාගලින් පස්සෙ එයාලා එක්ක හාන්තාන කදුවැටියේ තරණය කිරිමට අපහසු කොටස වන කටුසුකොන්ද තරණය කිරිමට ලෑස්තිවුනේ ටිකක් බයෙන්.. මොකද එක් පැත්තකින් 90° බෑවුමක් සහිත් ප්‍රපාතයක් අනෙත් පසින් 70° පමණ අනාතියෙන් යුතු ගල් තලාවක් වු බැවිනි.. මේ ඔස්සේ ගමන් කිරිමට තිබුනේ අඩියකටත් වඩා පටු පාරකි.. හරියට ඒ දණ්ඩක යනවා වගේ.. වැට්නොත් ඉවරයි.. කොහොමහරි අපි ඒ අභියෝගෙටත් මුහුණ දුන්නා.. වැසි සහිත හා සුළං තියන දවස් වල මෙතනින් යන එකනම් ගොඩක් අනතුරුදායකයයි..




පස්සෙ ඉතින් අපි ආවා වගේම දුර පාරකින් තමා ගලහ පැත්තෙන් පහලට බැස්සෙත් උඩදි හම්බුන යාලුවොත් එක්ක.. ඒක පාරක් පාරත් වැරදුනා.. කොහොමහරි 5-6 KM ගෙවාගෙන පහල තියන නිල්ලභ භාවනා අසපුව ළගට ආවා.. ඒකේ හිටපු ඒ මාමා අපිට තේ හදලා ජෑම් එක්ක පාන් දුන්නා.. ඒ වෙලාවේ හැටියට ඒක ලොකු දෙයක්වුනා..




වෙලාව හවස 6.30 විතර ඇති ඒ වෙද්දි හොදට පරක්කු වෙලා හිටියේ ඔක්කොම.. අපි අර යාලුවෝ එක්ක පහල තියන පෙරාදෙණිය - ගලහ පාර වෙනකන් bike වල අවා.. එතන ඉදන් එයලා ගෙවල් වලට ගියා මොකද එයලා ඒ අවට කට්ටිය වුනා නිසා.. අනික පොලිස් Case... ඒ වොලවේ නම් නුවරට එන්න බස් නෑ ගලහ පැත්තෙන්.. අපි ඒ ළග තිබුන Hire එකට තිබුන wheel එකක් කතා කරගෙන පොඩි මුදලකට ගලහට ආවා..  එදා දවසෙත් 12-13km ඇවිද්දා.. ගොඩක් මහන්සියි.. එතනින් නුවරට ඇවිත් දඹුල්ලට පැත්කට එන අවාසාන නුවරඑළිය - යාපනේ බස් එකේ ගෙදර ආවා 😊😎

#SanjeewaDR🇱🇰

Tuesday, 11 September 2018

Amazing Birds Life Audubon Award Wining Birds Photographs 2016 & 2017

Welcome to the world of wonderful wild birds.  According to the International Ornithologists’ Union, there are approximately 10,500 known species of birds and approximately 21,000 subspecies of birds in the world. BirdLife International recognizes a total of 10,426 species of birds, of which 13% are threatened to be extinct. 10 years ago, two scientists estimated that the total bird populations around the world were about 200 to 400 billion, of which about 144 million individuals may be reduced every year.


Our planet is awash with fascinating animal species, each of which plays a vital role in the ecosystem and makes the world a beautiful place for us to live in. But among all the species, birds are perhaps the prettiest.

When it comes to amazing bird pictures, Audubon Photography Awards receive some breathtaking entries. Here are a few of Award winning photographs from the list:

2016 Winning List,


01. Grand price winner - Bald Eagle and Great Blue Herons.

Photo: Bonnie Block/Audubon Photography Awards
Species: Bald Eagle, Great Blue Heron
Location: Seabeck, WA


02. Professional Winner - Osprey

Photo: Dick Dickinson/Audubon Photography Awards
Species: Osprey
Location: Siesta Key, Sarasota, FL


03. Amateur Winner - Eared Grebes.

 Photo: Steve Torna/Audubon Photography Awards
Species: Eared Grebe
Location: Yellowstone Lake, Yellowstone NP, Wyoming


04. Youth Winner - Great Frigatebird

photo : Carolina Anne Fraser/Audubon Photography Awards
Species: Great Frigatebird
Location: Near Española, Galápagos Islands, Ecuador



05. Fine Art Winner - Green Violetear

 Photo : Barbara Driscoll/Audubon Photography Awards
Species: Green Violetear
Location: Savegre Hotel, San Gerardo de Dota, Costa Rica




2017 Wining List,

01. Grand Price winner - Gentoo Penguins.

Photo: Deborah Albert/Audubon Photography Awards
Species:  Gentoo Penguin
Location: Brown Bluff, Antarctica



02. Professional Winner - Great Gray Owl.

Photo: Steve Mattheis/Audubon Photography Awards
Species: Great Gray Owl
Location: Grand Teton National Park, Wyoming



03. Amateur Winner - Varied Thrush.

 Photo: Heather Roskelley/Audubon Photography Awards
Species: Varied Thrush
Location: Washington Park Arboretum, Seattle


04. Southern Carmine Bee-eaters.

 Photo: Zachary Webster/Audubon Photography Awards
Species: Southern Carmine Bee-eater
Location: Luangwa River, South Luangwa National Park, Zambia


                             #SanjeewaDR 🇱🇰

ඌරාගල සහ කටුසුකොන්ද - Uragala & Katusukonda

හන්තාන කදු පන්තිය කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්, හන්තාන යාබදව පිහිටල තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නිර්මාණය වෙච්ච බොහොමයක්...